රත්තරන් ගණන් උස්සයි

රත්තරන් ගණන් උස්සයි

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ ගොස් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ සඳහන් කරනවා.

ඒ ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ බවයි වාර්තා වී ඇත්තේ.

හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ සඳහන් කරන්නේ ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 155,000 දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ අතර එය රුපියල් 175,000 දක්වා මිල වැඩි වී ඇති බවයි රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසුවේ.

COMMENTS