රන් මිල බසී

රන් මිල බසී

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොල තොරතුරු හෙළි කරයි.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 158,600 ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ (12) එය දැක්වුණේ රුපියල් 161,600ක් ලෙසය.

මේ අතර සිකුරාදා රුපියල් 174,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 171,500 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.