රත්රං මිලත් අඩුවෙයි

රත්රං මිල අද දිනයේදීත් (12) පහළ ගොස් තිබෙනවා.
සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ භාණ්ඩාගාරිය ආර්. සුබ්රමනියම් සදහන් කළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 2000කින් සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 4000 කින් අද දිනයේ අඩු වී ඇති බවයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද සටහන් වුණේ රුපියල් එක්ලක්ෂ 57,125 ක් ලෙසින්. එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ 72,500 ක් ලෙසයි.