කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ (08) කැපී පෙනෙන ලෙස ඉහළ ගියා.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.22කින් ඉහළ ගොස් ඒකක 8926.58ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඩ් පී ටුවෙන්ට් මිල දර්ශකය ඒකක 34.37කින් ඉහළ ගොස් සටහන් වුයේ ඒකක 2593.44ක් ලෙසයි.
දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 885ක් ලෙස වාර්තා වුණා.