ඖෂධ 112ක හිඟයක්

රජයේ රෝහල්වල භාවිත කරන ඖෂධ වර්ග 112ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලංකාවේ රජයේ හා පෞද්ගලික රෝහල්වල ඖෂධ වර්ග 1347ක් භාවිත කරන අතර එයින් වර්ග 150ක හිඟයක් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය සඳහා රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර ඊට තවත් රුපියල් මිලියන 40ක පමණ මුදලක් වෙන් කරන ලෙසට කැබිනට් මණ්ඩලය ඉල්ලා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.