කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදු වන නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම් දෙයි.

පසුගිය කාලයේ සිට කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් අසල්වාසී ඉන්දියාවේ ආසාදිතයන්ගේ වාර්තා වීම වර්තමානය වන විට ඉහළ යෑමත් සමඟ නැවතත් මෙරට වාර්තා වීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරු පවසති.

මෙම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බව ද වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් 672,143ක් වාර්තා වී ඇති අතර (25) ආසාදිතයන් 4ක් අලුතින් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් මේ වන විට ජනතාවට අමතකව ගොස් ඇති බවත් මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් වයිරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍යවරු පවසති.