මේ දවස්වල වතුර හොඳට බොන්න

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද හොදින් ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලා සිටිනවා.
පාසල් යන ළමයෙකු නම් දරුවාගේ වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවයි ඇය ප්‍රකාශ කළේ.
එසේම මෙම දිනවල ජලය සහිත එළවළු වන වැටකොළු, පිපික්‍ද්ක්‍දා, පතෝල වැනි දෑ ද කෙසෙල් වැනි පළතුරු ආහාරයට ගැනීම සුදුසු බව ද ඇය කියා සිටියාය.
තවදුරටත් කතාකළ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය මෙසේ ද කියා සිටියාය.
මේ දිනවල ජලය ලීටර් දෙකහමාරක් වත් බොන්න ඕනෑ. එකවර නෙවෙයි විටින් විට බොන්න. ශරීරයේ දහදිය දැමීමත් සමඟ ලුණු පිටවෙනවා. ඒ ලුණු නැවත ශරීරයට ගන්න ඕනෑ. ඒ සඳහා වැඩිපුර ජලය පානය කිරීම සුදුසුයි. වැඩිපුර ජලය පානය කිරීමෙන් සෛලවල විජලනය නවත්වාගන්න පුළුවන්. යනුවෙන්