තෙල් මිලේ සුළු ස්ථාවරත්වයක්

තෙල් මිලේ සුළු ස්ථාවරත්වයක්

ලෝක බොරතෙල් මිල ගතවූ දින කිහිපය තුල සුළු ස්ථාවරත්වයක් පෙන්නුම් කළා.

ඒ අනුව එය පැවතියේ ඇමරිකානු ඩොලර් 78 මට්ටමේයි.

මේ අතර රුසියානු රජය යටතේ පවතින විශාලතම තෙල් සමාගම වන රොස්නෙෆ්ට්, ඉන්දීය තෙල් සමාගම සමඟ නව ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ ඉන්ධන සැපයුම වර්ධනය කිරීම සම්බන්ධවයි.

පසුගිය මාසය වනවිට අඛණ්ඩව පස්වන මාසයටත් ඉන්දියාවේ ප්‍රධානතම ඉන්ධන සැපයුම්කරුවා බවට රුසියාව පත්ව සිටිනවා.

COMMENTS