ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයෙන් යුත් දොඹකරය

ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයෙන් යුත් දොඹකරය

ශ්‍රී ලංකාවේ විශාලතම ධාරිතාවයෙන් යුත් ක්‍රෝලර් දොඹකරය (Crawler crane) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගොඩබාන ලදී.

ටොන් 750ක එසවුම් ධාරිතාවයකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ “Hiruras” සුළං බල ව්‍යාපෘතිය සඳහා යෙදවීමට නියමිතය. පළමුව ජපානය විසින් භාවිතා කරන ලද ජර්මනියේ නිෂ්පාදිත “ලීබර්” වර්ගයේ දොඹකරය, සිවිල් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

ටොන් 1000ක කොටස් වලින් සමන්විත වූ ක්‍රෝලර් දොඹකරයේ කොටස් ට්‍රක් රථ 42ක පටවා එකලස් කිරීම සදහා මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ගෙන යන ලදී.

මෙතරම් විශාල දොඹකරයක් ජපානය විසින් අපනයනය කළ පළමු අවස්ථාව මෙය වන අතර දකුණු ආසියාවටම මෙම දොඹකර ඇත්තේ 3ක් පමණි.

COMMENTS