වට්ස්ඇප් වල අලුත් පෙරළියක්

වට්ස්ඇප් වල අලුත් පෙරළියක්

ඩෙස්ක්ටොප් වට්ස්ඇප් යෙදුම යාවත්කාලීන කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වට්ස්ඇප් යෙදුම සක්‍රිය කර ඇති ප්‍රාථමික දුරකථනය ක්‍රියා විරහිත වුවද යොමු කරනු ලබන පණිවිඩ ඩෙස්ක්ටොප් යෙදුමට ලැබෙන අයුරින් එම යාවත්කාලින කිරීම සිදුකර ඇත.

පරිශීලකයින්ට දැන් තනි වට්ස්ඇප් ගිණුමට උපාංග (Devices) හතරක් සම්බන්ධ කිරීමට හැකියාව ලබාදී ඇති අතර වට්ස්ඇප් ගිණුම සක්‍රිය කර ඇති ප්‍රාථමික උපාංගයේ අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති වුවද සෙසු උපාංග 04ට ස්වාධීනව ගිණුමේ ක්‍රියාකිරීමේ හැකියාව පවතින බවයි මේටා සමාගම සඳහන් කරයි.

වින්ඩෝස් (Windows)සඳහා වන නව වට්ස්ඇප් යෙදුමේ දී වීඩියෝ ඇමතුමක් සඳහා පුද්ගලයින් 8 දෙනෙකු සහ ශ්‍රව්‍ය ඇමතුම් වලදී පුද්ගලයන් 32 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබේ.

ඔබ වින්ඩෝස් පීසී (Windows PC) පරිශීලකයෙක් නම්, වට්ස්ඇප් යෙදුම සඳහා වූ නවතම යාවත්කාලින කිරීම පහත ඇති යෙදුමෙන් බාගත හැකිය.

https://bit.ly/40uh9Vc