නිල සංචිතත් වැඩි වෙයි

ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 4.5% කින් වැඩි වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව, 2023 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,121 වූ ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,217 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙයට චීන මහජන බැංකුවේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක හුවමාරු පහසුකම ද ඇතුළත් වෙයි.