විශාල ග්රහකයක් පෘථිවිය ආසන්නයේ

ගුවන් යානයක් තරම් විශාල ග්රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කළා.
පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්රහකය නම් කර ඇත්තේ 2023 සී ජී වන් ලෙසයි.
විශාලත්වයෙන් අඩි 99 ක් පමණ වන එය පෘථිවියට සැතපුම් මිලියන 3.62 ක් ආසන්නයෙන් අද දිනයේ ගමන් කරනු ඇති බවටයි නාසා විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ.
වසර බිලියන 4.6 කට පමණ පෙර සෞර ග්‍රහ මණ්ඩලය බිහිවීමෙන් පසු ඉතිරිවූ පාෂාණ කොටස් හැඳින්වෙන්නේ ග්රහක ලෙසයි.
ඉදිරි දින කිහිපය තුළ තවත් ග්රහක පහක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවයි නාසා ආයතනය පවසන්නේ.