ගගනගාමීන් තිදෙනෙක් පෘථිවියට පැමිණීමට නොහැකිව අතරමං වෙලා

පෘථිවියට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ඒම සඳහා රුසියාව සෝයුස් වර්ගයේ කැප්ස්‍යුලයක් යොමු කර තිබේ.
ඔවුන් තිදෙනා පෘථිවියට රැගෙන ඒමට යවන ලද යානය කුඩා උල්කාපාතයක ගැටීමෙන් දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙනත් යානයක් යැවීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව කැප්ස්‍යුලය ලබන ඉරිදා දිනය වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වනු ඇතැයි විශ්වාස කෙරේ.
කෙසේ වෙතත්, ඔවුන් තිදෙනා යළි පෘථිවියට රැගෙන ඒම ලබන සැප්තැම්බර් මාසය වන තෙක් සිදු කළ නොහැකි බව අදාළ වාර්තාවල සඳහන් වේ.