මොළයේ ආසාදන තත්ත්වයන් සියදිවි නසා ගැනීමට හේතුවක්

මොළයේ ආසාදන තත්ත්වයන් සියදිවි නසා ගැනීමට හේතුවක්

විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වීම සඳහා මොලයේ ආසාදන තත්ත්වයන්ද හේතු වන බව නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙනවා.

ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් මීට සති කිහිපයකට පෙර නිකුත් කෙරුණු අතර, එය ප්‍රසිද්ධියට පත් කෙරුණේ ඊයේ දිනයට යෙදී තිබූ ‘ලෝක එන්සෙෆලයිටිස්’ දිනයේදීයි.

මොලය ආසාදන රෝග නිසා වසරකට ලොව පුරා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවයි ලෝක මොලය ආසාදන රෝග පිළිබඳ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ප්‍රකාශක ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න වැඩි දුරටත් කියා සිටියේ.