උද්ධමනය අඩුවෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන 2023 ජනවාරි මාසයේ සමස්ත උද්ධමන අනුපාතය 2022 දෙසැම්බර් මාසයේ 59.2% හා සසඳන විට 53.2% ක් වන අතර එය 6% කින් අඩු වී තිබෙනවා.
2023 ජනවාරි මාසයේ ආහාර උද්ධමනය 53.6% ක් වූ අතර මාසය සඳහා ආහාර නොවන උද්ධමනය 52.9% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.