පිළිකා රෝහලෙත් බෙහෙත් හිඟ වෙයි

පිළිකා රෝහලෙත් බෙහෙත් හිඟ වෙයි

සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති.

අදට (15) යෙදී ඇති “ලෝක ළමා පිළිකා දිනය” නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය, සංජීව ගුණසේකර මහතා සඳහන් කර සිටියේ, ජනතාවගේ පරිත්‍යාග හේතුවෙන් එම ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට මඟහැරි ගොස් ඇති බවය.

එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සංජීව ගුණසේකර,

“මහරගම පිළිකා රෝහලේ අනෙක් රෝහල්වල වගේම යම් බෙහෙත්වල අඩුපාඩුවක් තියෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, ළමා පිළිකා වාට්ටු සමඟ පරිත්‍යාගශීලීන් රාශියක් වැඩකරනවා. අපිට ඔවුන්ගේ උපකාර නිසා බොහෝදුරට මෙම අවශ්‍යතාවයන් පියවා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අපිට තිබෙන අඩුපාඩු යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් බෙහෙත් පරිත්‍යාග කිරීමට කැමති නම් කරුණා කර අපේ අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂතුමා අමතන්න. එහි පරිත්‍යාග භාරගැනීමට විශේෂ ඒකකයක් තිබෙනවා. ඔවුන් අදාළ සංවිධාන කටයුතු ඔබලා සමඟ සිදුකර එම පරිත්‍යාග භාරගැනීමට කටයුතු කරයි.” යනුවෙන්