අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම ගැන සාකච්ඡාවක්

අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම ගැන සාකච්ඡාවක්

අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර පැවති හමුවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්ය.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල යටතේ ඉතිරිව ඇති මුදල ඖෂධ ආනයනයට යොදා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

නවදිල්ලියේ පිහිටි එරට මුදල් අමාත්‍යාංශයේදී මිලින්ද මොරගොඩ සහ නිර්මලා සීතාරමන් අතර හමුව සිදුවූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ.

මේ අතර අත්‍යාවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දියයුතු බව සමස්ථ ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිදත් සුරංග මහතා පවසයි.