පැන්ෂන් කල්යද්දී ප්රංශය රත්වෙයි

ප්රංශයේ පැරිස් අගනුවර දැවැන්ත ජනතා විරෝධතා ආරම්භ වී තිබෙනවා.
ඒ විශ්රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති එමානුවෙල් මැක්රෝගන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්, උද්ඝෝෂණ ක්රියාත්මකයි.
මීට පෙරද විරෝධතා මාලාවක් පැවැත්වුණා. ඒ අනුව, දෙවැනි වරටත් විරෝධතා ආරම්භ වී ඇත්තේ, වැඩවර්ජන රැල්ලක් ද සමඟයි.
දින 12 කට පෙර විරෝධතා මුලින් ආරම්භ කෙරුණු අතර, ලක්ෂ 11 කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් ඉදිරියේ දී ඒ සඳහා සහභාගී වනු ඇතැයි, අපේක්ෂාක කෙරෙනවා.
ප්රංශ රජය පවසන්නේ, විරෝධතා සඳහා සහභාගී වී ඇත්තේ 87,000 ක පිරිසක් පමණක් බවයි.
ලක්ෂ 5 ක පමණ පිරිසක් මේ වන විටත්, විරෝධතාවලට සහභාගී වී සිටින බව, වෘත්තීය සමිති පවසනවා.
විරෝධතා පැවැත්වීමට මූලිකත්වය ගෙන ඇත්තේ, විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති 8 ක්.
ලබන සතියේ ප්රංශ ජාතික සභාව හරහා විශ්රාම ගැන්වීමේ වයස සම්බන්ධ නව ප්රතිසංස්කරණ සම්මත වනු ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන්.