ජාතික පුෂ්පය මානෙල් ද ? නිල් මානෙල් ද ? තීරණයක් ගන්න කමිටුවක්

ජාතික පුෂ්පය මානෙල් ද ? නිල් මානෙල් ද ? තීරණයක් ගන්න කමිටුවක්

මෙරට ජාතික පුෂ්පය මානෙල් මල ද, එසේ නොමැති නම් නිල් මානෙල් මල ද යන්න නිශ්චය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

මේ බව අනාවරණ වූයේ පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ සභාපතිත්වයෙන් පැවති පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීයි.

මෙහිදී ජාතික පුෂ්පය කුමක් ද යන්න පිළිබඳ එම කාරක සභාවට එක්ව සිටි පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර තිබෙනවා.

කෙසේ වෙතත්, පරිසර අමාත්‍යවරයා මෙහිදී දැනුම්දී ඇත්තේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බැවින් කඩිනමින් නිෂ්චිත තීරණයක් ගන්නා ලෙසයි.