ඖෂධ හිඟය ඇස්වලටත්

මේ වන විට පවතින ඖෂධ හිඟය ජාතික අක්ෂි රෝහලට සහ සියලුම අක්ෂි ශල්‍යකර්ම සිදු කරන රෝහල්වලට බලපා ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.
විශේෂයෙන්ම රට තුළ පවතින අක්ෂි කාචවල හිඟය සහ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණවල හිඟය හේතුවෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලාංකික ජනතාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඊයේ (06) කොළඹට ළඟා වූ බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය බහාලුම් 24ක් ලෙස නැව්ගත කළ අතර එහි සම්පූර්ණ බර මෙටි්රක් ටොන් 255කට අධික බවයි තානාපති කාර්යාලය කියා සිටියේ.
චීනයේ ජූනි මාසයේ සිට රුපියල් බිලියන 5කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවද චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.