පාසල් ළමුන් අතර ලාදුරු හිස ඔසවයි

පාසල් ළමුන් අතර ලාදුරු හිස ඔසවයි

පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ, මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බවය.

මේ වසරේ පළමු මාස 7 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී ඇති බව ඔහු පැවසුවේ ය.

අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බව ද ඔහු පැවසුවේ ය.

මේ අතර ඌව පළාතේ රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය සියයට 30කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ දිනවල ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක් මෙලෙස රෝගින්ගේ වැඩිවිමට හේතු වී ඇති බවයි එම සංගමයේ සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ සඳහන් කළේ.

මෙම තත්ත්වය හමුවේ ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව ඔහු පෙරදා (17) පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබුණා.