ශ්‍රී ලංකාවෙන් පළමු මංකි ෆොක්ස් රෝගියා හමුවෙයි

ශ්‍රී ලංකාවෙන් පළමු මංකි ෆොක්ස් රෝගියා හමුවෙයි

රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකි ෆොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඊයේ (03) පැවසීය.

ඩුබායි සිට මෙරටට ඉකුත් 1 දා පැමිණි වයස අවුරුදු 20ක තරුණයෙකු මෙසේ හඳුනාගෙන තිබේ.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබේ.

එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර තිබුණි.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයාව IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍රවලට අනුව මංකි ෆොක්ස් යනු වෛරස් රෝගයකි. එය මිනිසුන් අතර සතුන්ගෙන්, පරිසරයෙන් බෝ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝගයේ පැතිරීම සැලකිල්ලට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.