ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශයටත්

ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශයටත්

මෙතෙක් රජයේ රෝහල් වල සායන වලට පමණක් සීමා වී තිබූ ඖෂධ හිඟය මේ වන විට බාහිර රෝගී අංශය දක්වා ව්‍යාප්ත වී ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

බාහිර රෝගී අංශවල මූලික ප්‍රතිකාර සදහා අවශ්‍ය ඖෂධ පවා ඇතැම් රෝහල්වල නොමැති තත්ත්වයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවක දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලු‍ත්ගේ.

මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික ඔසුසැල්තුළින් ඖෂධ මිලදී ගැනීමට යාමේදී ඒවායේ මිල ගණන් ඉහළ යාම නිසා රෝගීන්ට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට රජය වහා මැදිහත් වීය යුතු බවයි ඔහු කියා සිටියේ.

COMMENTS