පැය 05ක් හෝ ඊට අඩු කාලයක් නිදාගන්නේ නම් මරණය අත ළඟ

පැය 05ක් හෝ ඊට අඩු කාලයක් නිදාගන්නේ නම් මරණය අත ළඟ

පුද්ගලයෙකු දිනකට නිදාගන්නේ පැය 5කට වඩා අඩු කාලයක් නම් රෝග රැසක් වැළඳීම මෙන්ම මරණයට පත්වීමේ ඉහළ හැකියාවක් පවතින බව ඇමරිකානු අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

ඇමරිකාව ලොව පුරා පුද්ගලයන් රැසක් යොදා ගනිමින් වසර 25ක් පුරා සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව හෙළි වී ඇත. මෙයට සහභාගි වූවන්ගේ නින්ද සහ විවිධ ලෙඩ රෝග අතර සම්බන්ධය පිළිබඳව විද්‍යාඥයින් අධ්‍යයනය කර තිබිණි.

පහසුවෙන් නින්ද ළඟා කර ගැනීමට උදව් වන සරල ක්‍රියාමාර්ග ගැනද මෙවැනි විශේෂඥයෝ නිතර පෙන්වා දෙති. දිවා කාලයේ ගත සිත හොඳින් වෙහෙසා වැඩ කර රාත්‍රිය ආසන්න වෙද්දී වැඩ අඩු කිරීම, නිදා ගැනීමට ආසන්න වෙද්දී ජංගම දුරකතනය වැනි මෙවලම් දෙස බලාගෙන වැඩ කිරීමෙන් වැළකීම, දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකී සිටීම, රාත්‍රි කාලයේ කෝපි, මත්පැන් වැනි දේ පානය නොකිරීම, නිදන කාමරය තුළ ප්‍රසන්න සහ නින්දට රුකුල් දෙන සුවදායක පරිසරයක් නිර්මාණය කර ගැනීම වැනි පියවර මෙහි දී වැදගත් විය හැකි බව පෙන්වා දෙනු ලැබේ.

කෙනෙකුට නින්ද නොයන්නේ නම් ඒ ගැන වුවමනාවට වඩා සිත කරදර කර ගැනීම ද නින්ද තවදුරටත් පලවා හරින්නක් ලෙස සැලකේ. එහිදී කළ යුතු වන්නේ ඒ ගැන අමතක කර පොතක් කියවීම, සංගීතයට සවන් දීම, භාවනාව වැනි, සිත සන්සුන් කරන කටයුත්තක නියැළීමයි. එසේ කිරීමේදී බොහෝ දුරට නිදිමත ළඟා වීමට ඉඩ ඇති බව පිළිගැනේ.

මේ අතර මීළඟ වසංගතය බිහිවන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම හමුවේ ග්ලැසියර් දියවීමෙන් ඒ ආශ්‍රිතව පවතින විවිධ වෛරස සහ බැක්ටීරියාවලින් බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

https://bit.ly/3TJnjh3