ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළට

ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 කට අධිකය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා දරුවන් සහ වයස අවුරුදු 50 ට අඩු පිරිස් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වයත් සමඟ මහා පරිමාණයෙන් සිදු කළ ඉදිකිරීම් නතර වී ඇති බවත් එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමේ වැඩි අවදානමක් පවතින බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

ඩෙංගු රෝගය ඉදිරි කාලසීමාව තුළ තවදුරටත් වැඩිවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

COMMENTS