රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල හිඟයක්

රජයේ රෝහල්වල සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු උපකරණවල උග්‍ර හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා.
තුවාල වෙලුම් පට, පුළුන් පවා රෝහල් ගණනාවක නොමැති තත්වයන් හමුවේ පෞද්ගලික ඔසුසැල්වලින් ඒවා මිල දී ගැනීම ඉහළ ගොස් ඇති බවයි පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන කියා සිටියේ.
එමෙන්ම රජයේ රෝහල් රැසක නිර්වින්දන ඖෂධ හිඟයක් පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.