HIV පරීක්ෂණ කට්ටලවල හිඟයක් – රට තුළ සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක්

HIV පරීක්ෂණ කට්ටලවල හිඟයක් – රට තුළ සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක්

පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන් HIV ආසාධිත රෝගීන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙයි.

අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමය මේ බව පැවසුවේය.

මේ හේතුවෙන් රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් මතුව ඇති බව ඔවුන් සඳහන් කරයි.

මේ අතර රුධිර පරිත්‍යාගශිලින්ගෙන් රුධිරය ලබාගන්නා ඇසුරුම්වල හිඟයක් මේ වන විට නොමැති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.

රුධිරය ලබාගැනීමේ දී අවශ්‍ය උපකරණ අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ වගකීමක් බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.