ඖෂධ මිල ගනන් අසීමිත ලෙස ඉහළ යෑමෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයක

ඖෂධ මිල ගනන් අසීමිත ලෙස ඉහළ යෑමෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවයක

ඖෂධ මිල ගණන් අසීමිත ලෙස ඉහළ යෑම හමුවේ මේ වනවිට පිළිකා රෝගීන් ද දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

එවන් පසුබිම පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට ඒ සඳහා අවස්ථාව සලසා දී ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර පවසයි.

ඒ් පිළිබඳ තොරතුරු දැනගැනීමට රෝහලේ පරිත්‍යාග ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ පැමිණ එහි සිටින සෞඛ්‍යවේදිනිය සම්බන්ධ කර ගත හැකි බව ද ඔහු පැවසීය

“යම්කිසි ඖෂධවල අඩුවක් තියෙනවා. නමුත් සියල්ල ම නෙමෙයි. අපිට ඖෂධ හා වෛද්‍ය සැපයුම් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙනවා. මෙයින් යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. නමුත් එම ඖෂධ ප්‍රාදේශීයව මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙනවා. මීට අමතරව දානපතියන් ඖෂධ ලබාදීම කරනවා. එයින් යම් අඩුපාඩුවක් තියෙනවා නම් එය පිරිමසා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සියලුම දානපතියන්ගෙන් සංවිධානවලින් අපි ඉල්ලා සිටිනවා මේ සද්කාරයට සහභාගි වෙන්න කියලා.

අපේ රෝහලේ පරිත්‍යාග ඒකකය තියෙනවා. එහි ඖෂධවේදිනියක් පත්කරලා තියෙනවා. අප රෝහලට පැමිණ හෝ දුරකථනයෙන් මේ ඖෂධවේදිනිය සම්බන්ධ කරගෙන, මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන ඖෂධ තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ ඖෂධ ලබාගත හැකි ස්ථාන පිළිබඳවත් වැටහීමක් ගත හැකියි. මේ තුළින් අපට පුළුවන් රෝගීන්ට සහනයක් ලබාදීමට ඔබටත් සහභාගී වීමට. අපිට වඩාත් සුදුසු වෙන්නේ ඖෂධ වශයෙන් ලබාදෙනවා නම් තමා. අපේ පරිත්‍යාග ඒකකයෙන් අවශ්‍ය ඖෂධය කුමක් ද කියලා දැනගෙන අපට ඒ ඖෂධය ලබාදෙනවා නම් පහසුවක් වෙනවා.” යනුවෙන් පැවසීය.