අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ

රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍යවල බරපතළ හිඟයක් නිර්මාණය වෙමින් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඖෂධ හිඟයේ බලපෑම ග්‍රාමීය රෝහල් දක්වා පැතිර ගොස් ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර අවධාරණය කළේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝගවලින් පීඩා විඳින රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් මේ වනවිට රජයේ රෝහල් තුළ පවතින බවයි.
එමෙන්ම දෛනිකව සායන සඳහා පැමිණෙන රෝගීන් ද ඖෂධ හිඟය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.