වැස්ස නිසා මී උණ පැතිරීමේ අවදානමක්

මෝසම් වැසි කාලය තුළ මී උණ රෝගය බහුලව ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ තුෂානි දාබරේරා ප්‍රකාශ කළේ මෙම වසරේ ගත වූ මාස 8 ක කාලය තුළ මී උණ රෝගීන් 3500 ක් වාර්තා වී ඇති බවයි.
මී උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, බදුල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින්.