කොරෝනා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා ව්‍යාප්තිය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පාලනයකින් තොර ව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු නො කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දිනෙන් දින කොරෝනා මරණ සහ ආසාදිතයන් වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සදහන් කළේ.

ඊයේ (22) මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර ආසාදිතයන් 103ක් හදුනා ගැනුණා.