ඖෂධ හිඟය උග්‍ර වෙයි – ශල්‍යකර්මත් නවතී

යළිත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දිවයිනේ බොහෝ රෝහල්වල උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය මත රෝහල්වල ශල්‍යකර්ම සිදු කිරීමට මේ වනවිටත් බාධා එල්ලවී ඇති බවයි. ඒ අනුව රෝහල් රැසක පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසඳුමක් අවශ්‍ය බව ද එම සංගමය පෙන්වා දෙනවා.
එමෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තුලාන් සමරවීර සඳහන් කළේ රෝහලේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇති බවයි.