අද කොවිඩ් ආසාදිතයින් 181ක් – මරණ 5ක්

අද කොවිඩ් ආසාදිතයින් 181ක් – මරණ 5ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 667916ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තවත් කොරෝනා මරණ 5ක් ද වාර්තා කළා.

මේ අතර තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16619ක් ලෙසටයි.

අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක් වනවා.

ඔවුන් සියලුදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවන්නන්.