යළිත් කොවිඩ් රැල්ලක් අත ළඟ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙසීයේ සීමාවට ආසන්නවීම යළි රට තුළ ‘දරුණු කොවිඩ් රැල්ලක්’ ඇතිවීමේ පෙර නිමිත්තක් බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
‘ඔමික්‍රෝන්’ ඇතුළු කොවිඩ් අනු ප්‍රභේද රට තුළ පැතිරීම මේ වනවිට වර්ධනය වී ඇතැයිද පොදු ප්‍රවාහනය භාවිතයේදී පවතින අධික තදබදයද මෙයට හේතුවී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පෙරේදා (07දා) මෙරටින් කොවිඩ් ආසාදිතයන් 184 දෙනකු වාර්තා වූ බවත් එම ආසාදිතයන් සියලුදෙනා ශ්‍රී ලංකාව තුළින්ම හඳුනාගත් පුද්ගලයන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.
කොවිඩ් රෝගීන්ට රෝග පාලනය වෙනුවෙන් දෙන ඖෂධ මෙරට රෝහල්වල හිඟවීම කොවිඩ් යළි ව්‍යාප්තවීම වැළැක්වීමට ප්‍රධාන බාධකයක් වී ඇතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සංගම් පවසයි.
මේ වනවිට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 666,764 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 16,592ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා.