අද කොවිඩ් මරණ 6ක්

අද කොවිඩ් මරණ 6ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙලෙස මියගිය පුද්ගලයින් 06දෙනාගෙන් 05දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි.

ඉන් තිදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි දෙදෙනා කාන්තාවන් බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

මේ අතර කොරෝනා ආසාදනය වී මියගිය එම 06 දෙනා අතර වයස අවුරුදු 30ත් 59ත් අතර එක් පිරිමි පුද්ගලයෙකු ද සිටිනවා.