අද කොවිඩ් ආසාදිතයින් 122ක් – මරණ 8ක්

අද දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 122ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 666,086ක් ලෙසටයි දැක්වෙන්නේ.

මේ අතර තවත් කොරෝනා මරණ 8ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16574ක් ලෙසටයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ එක් කාන්තාවක් වනවා.
ඉන් පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසු වූවන්. අනෙක් තුන්දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අය බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර ඇත්තේ.
මියගිය කාන්තාව ද අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අයෙක්.
