අවුරුදු 20 වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත අරන් නෑ – සෞඛ්‍ය අංශ

අවුරුදු 20 වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත අරන් නෑ – සෞඛ්‍ය අංශ

මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යාම හමුවේ මෙය දැඩි අවදානම් තත්ත්වයක් බවයි.

එබැවින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දන් වයි.

මේ අතර අමාත්‍යාංශ ලේකම් ජානක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගැනිමට හැකි බවයි.

විවිධ සංකූලතා සහිත රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව ද, ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඊයේ (30) මෙරටින් කොරෝනා ආසාදිතයන් 83ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එමෙන්ම ඊයේ සිදුවූ කොරෝනා මරණ 3ක්ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.