ඔමික්‍රෝන් නව උප ප්‍රභේදය පිළිබඳ අනතුරු ඇඟවීමක්

Omicron BA.5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවන සහ ප්‍රතිශක්තිය මගහරින කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්,
දැනට පවතින BA.5 රැල්ල තුළ ශ්‍රී ලංකාවේ ද රෝහල් ගතවීම් තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
එම නිසා හැකිතාක් මුව ආවරණ භාවිතා කරන ලෙසත්, රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්න ලෙසත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියා.
