ගම්පහ යළිත් කොවිඩ් අවදානමක

කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර ගම්පහ රෝහලේ කොවිඩ් වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය අංශ සදහන් කළේ ගම්පහ රෝහලේ කොවිඩ් ආසාදිතයින් පස්දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.
පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් මරණ දෙකක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.