මන්කිපොක්ස් ලංකාවටත් එන්න පුළුවන් – සෞඛ්‍ය විශේෂඥයින්

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.
එහි අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවයි.
කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩු බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබේ.
ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුවයි.
ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කළේ ය.