මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ

මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනුයේ සම මතුපිට පැපොල හා සමානව සිරුර පුරා ඇතිවන කැලැල් ,වසා ගැටිති ඉදිමීම සහ උණ ඇතිවීම යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති ජීව විද්‍යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙය ද කොරෝනා මෙන් වෛරස ආසාදන රෝගයක් වුවද එය තරම් වේගයෙන් පැතිර යන්නේ නැතැයි ද පවසයි.සම මත හටගන්නා කැලැල් නිසා මෙම රෝගියකු ඉතා පහසුවෙන් හදුනාගත හැකි බවද පවසයි.
ස්වසන පද්ධතිය මගින් සහ සම මතින් ඇතිවන රෝගයක් නිසා සෙම පටල මගින් ද සමීප සබඳතා නිසාද අන් අයට රෝගය බෝවීමට ඉඩ ඇති බව ද සදහන් කරයි . රෝගියකු හදුනා ගත් වහාම සතියක පමණ කාලයක් නිරෝධායනයට යොමු කිරීම මගින් රෝගය සුව කිරීම සහ අන් අයට පැතිර යාම වළක්වා ගත හැකි බව ද පවසයි.
පළමු වරට මෙම රෝගියෙක් හදුනා ගෙන ඇත්තේ 1970 වසර්දී දකුණු අප්‍රිකාවෙනි.මෙම රෝගය සදහා ප්‍රතිකාර ඇති බවත් රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ ද ඇතැයි සඳහන් කරයි.