යළිත් හිස ඔසවන මාරයා ජිවිත දෙකක් බිලි ගනී

මෙරටින් අද කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු කර ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණ දෙකක්.
අවුරුදු 30ත් 59ත් අතර එක් අයෙක් සහ අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ එක් අයෙක් මෙම මරණ දෙකට අයත්.
මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 664647ක් හඳුනාගෙන තිබෙනවා.
ඉන් මේවන විට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන සංඛ්‍යාව 646ක්. 647466ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.
