විශ්වයේ වර්ණ ඡායාරූප පළමු වරට එළියට

විශ්වයේ වර්ණ ඡායාරූප පළමු වරට එළියට

විශ්වයේ පූර්ණ වර්ණ සහිත ඡායාරූපයක් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබේ.

එය පෘථිවිය වෙත ළඟා වීමට වසර බිලියන ගණනාවක් ගත වූ මන්දාකිණිවලින් නිකුත් වූ ආලෝකය අඩංගු විශ්වයේ මේ දක්වා ඇති ගැඹුරු ම, සවිස්තරාත්මක අධෝරක්ත දර්ශනය බව නාසා ආයතනය සඳහන් කර ඇත.

ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

“මෙම පින්තූර අමෙරිකාවට විශාල දේවල් කළ හැකි බව ලෝකයට සහ අමෙරිකානුවන්ට මතක් කර දෙනු ඇත. විශේෂයෙන් අපගේ දරුවන්ට – අපට කළ කිසිවක් නොමැති බව මතක් කර දෙනු ඇත,” ජනාධිපති බයිඩන් එහිදී ප්‍රකාශ කර ඇත.

ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලබා ගත් පළමු පූර්ණ වර්ණ සහිත ඡායාරූපය ලෙස මෙය සැලකේ.

2021 වසරේ දෙසැම්බර් 25 වන දා ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශගත කෙරිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් ලබා ගත් තවත් මංගල පින්තූර අද දිනයේ නාසා ආතනය නිකුත් කරනු ඇති බව ය.

එය සජීවීව පහතින් නරඹන්න…

https://bit.ly/3PCUEYX

COMMENTS