ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කරයි.

මෙම ප්‍රභේදය වේගයෙන් පැතිර යන බවත් ප්‍රතිශක්තියටද දැඩි බලපෑම් එල්ල කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව ද මේ පිළිබඳව අවධානයෙන් පසු වන බවද හෙතෙම කියා සිටී.