ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් – දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් – දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ

මෙම වසරේදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ , ඉන් 6,483 දෙනෙකු මැයි මාසයේදී පමණක් වාර්තා වී ඇති බව ය.

ඊයේ දිනයේදී සැක කටයුතු ඩෙංගු රෝගීන් 313 දෙනෙකු ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත වාර්තා වී තිබේ.

බස්නාහිර පළාතේ වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර මහනුවර ගාල්ල යාපනය ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බව සුදත් සමරවීර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.