වඳුරු උණ රෝගය ගැන අනිසි බියක් ඇති කරගත යුතු නෑ – ආචාර්ය චන්දිම ජීවන්දර

මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.
මංකිපොක්ස් වෛරසය අලුත් වෛරසයක් නොවන බවත් කාලයක් පුරා තිබුණ වෛරසයක් බවත් ජීවන්දර මහතා පෙන්වා දෙනවා.
“මේකේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. දැනට ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. මොකද තාම ලොව පුරා අනෙක් රටවල්වලට වැඩිපුර පැතිරිලා නැති නිසා. බෝවෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඩිරෙක්ට් ෆිසිකල් කන්ටැක්ට් මගින් බෝවිය හැකියි. ඒ වගේම ආසාදනය වූ පුද්ගලයෙකුගේ භාවිත කරපු ඇඳ ඇතිරිලි හා පිඟන් කෝප්ප මඟින් බෝවිය හැකියි.” යනුවෙන් ඔහු පෙන්වා දෙනවා.