කළු කුහරයේ ප්‍රථම ඡායාරූපය එළියට

කළු කුහරයේ ප්‍රථම ඡායාරූපය එළියට

සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළත් මන්දාකිණිය වන ක්‍ෂීර පථය මධ්‍යයේ පිහිටි කළු කුහරය ගාගැන්චුවන් කළු කුහරය ප්‍රථම වරට ඡායාරූප ගත කිරීමට හැකිවී තිබෙනවා.

සැජිටේරියස් ඒ ලෙස නම් කර ඇති එය, සූර්යාගේ ස්කන්ධය මෙන් මිලියන හතර ගුණයක විශාලත්වයකින් යුක්ත බව සඳහන්.

මෙම කළු කුහරය මධ්‍යයේ සිට ආලෝක වළලු නිකුත් වන්නේ අධික උෂ්ණත්වයකින් සහ දැවැන්ත ගුරුත්වාකර්ෂණ ශක්තියකින් යුක්තවයි.

කිලෝමීටර මිලියන 60ක පමණ වට ප්‍රමාණයකින් යුත් එම වළලු මගින් අභ්‍යවකාශයේ ඕනෑම වස්තුවක් කළු කුහරය තුළට ග්‍රහණය කරගැනීමට සමත්.

කෙසේ නමුත් එය, අප සූර්ය ග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 26,000ක් ඈතින් පිහිටා ඇති නිසා පෘථිවියට අවදානමක් ඇතිවන්නේ නැහැ.

මෙම කළු කුහරය අතිනවීන දුරේක්ෂ උපයෝගී කරගනිමින් සේයා රූ ගත කර ඇත්තේ ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝප් ලෙස හඳුන්වන ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින්.

https://bbc.in/3NfawQ7