ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ලංකාවාසී සැමට සහ එතෙර සිටන ශ්‍රී ලාංකිකයින්ට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි “My newslanka” අපි ප්‍රාර්ථනා කර සිටිමු.

මෙවර අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව පූර්වභාග 08.41ට අලුත් අවුරුද්ද උදාවිණි.

ආහාර පිසීමේ නැකත පෙරවරු 9.05ට යෙදී ඇති අතර රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප්බැද ගිනි මොලවා දී-කිරි මිශ්‍ර කිරිබතක් ද උදුපිටි මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගන්නා ලෙසයි නැකැත් සීට්ටුවේ සදහන් වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය
14 වන දින පූර්ව භාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා

හිසතෙල් ගෑමේ චාරිත්‍රය
අප්‍රේල් මස 17 වන ඉරිදා පූර්ව භාග 07.04ට

රැකි රක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.51 ට