නින්දෙදී සිදුවෙන දෙයක් ගැන සෞඛ්‍ය අංශ හෙළිකරයි

ශ්‍රී ලාංකිකයන් ගෙන් 17%ක පිරිසක් නින්දේදී හුස්ම ගැනීම නතර වීමේ රෝගයෙන් පීඩා විදින බවට දිවයින පුරා සිදු කරණ ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය සඳහන් කරයි.
එම ඒකකය පෙන්වා දුන්නේ බෙල්ල හා උගුර ආශ්‍රිතව පටු ස්වභාවයක් ගන්නා පුද්ගලයන් තුළ මෙම තත්ත්වය දැකිය හැකි බවත් මෙම රෝග හදුනාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය වන බවත්ය.
ඒ අනුව එහි අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පෙන්වාදුන්නේ දුම්පානය සිදු කරණ පුද්ගලයන්ට මෙම රෝගය වැළදීමේ සම්භාවිතාව තුන් ගුනයකින් ඉහළ යන බවයි. මීට අමතරව මත් පැන් පානය කරනු ලබන පුද්ගලයන්ට හා අධික තරබාරුවෙන් යුත් පුද්ගලයන්ටද මෙම රෝගය වැලදීමේ වැඩි අවදානමක් පවතින බවද ඇය සඳහන් කරයි.
ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක 1,000ක් පමණ වන සුවදිවි සායන මගින් මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ සටහන් උපදෙස් ලබා දීම සිදු කරණ බවත් විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි පවසයි.
මේ අතර නින්දේදී හුස්ම ගැනීම නතර වීමේ රෝගය සම්භන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ස්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්දිමානි උඳුගොඩ සදහන් කරන්නේ මෙම රෝග තත්ත්වය සමඟ දීර්ඝකාලීන ආඝාතය, අධිරුධිර පීඩනය, දහවල් කාලයේ අධික ලෙස නින්ද යාම, මතක ශක්තිය අඩු වීම, දියවැඩියාව හා ලිංගික බෙලහීනතාව ඇතුලු රෝග රාශියක් උද්ගතවීමේ අවදානමක් පවතින බවයි.