ජලයේ හා ගොඩබිමේ ධාවනය කල හැකි යාත්‍රාවක් එළිදක්වයි

Sail Lanka Yachting Group ආයතනය විසින් ශ්‍රී ලංකාවේ එක්ලැස් කර නිෂ්පාදනය කරන ලද ජලයේ හා ගොඩබිමේ දෙකහිම ධාවනය කල හැකි Iguana X100 යාත්‍රාව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එළිදැක්වීම ඊයේ (17) දින කොළඹ වරාය නගරයේදී සිදුකර තිබෙනවා.
මෙය ජලයේ සහ ගොඩබිම යන දෙකෙහිම ධාවනය කළ හැකි අතර, මෙය ශ්‍රී ලංකාව තුළදීම එකලස් කර නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක් වනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවැනි යාත්‍රා වැඩි වශයෙන් එකලස් කර නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.
මේ අවස්ථාවට Sail Lanka Yachting Group ආයතනයේ සභාපති Pierre Pringiers මහතාගේ හා කවුෂල් වීරසිංහ මහතාගේ ආරාධනයෙන් ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.



